අපගේ දහමේ මූලධර්මය
අපගේ දහමේ මූලධර්මය | සැබෑ විශ්වාසය සර්වබලධාරී අල්ලාහ් කෙරෙහි වූ සැබෑ විශ්වාසය අපගේ දහමේ මූලධර්මය අල්ලාහ් මත, ඔහුගේ මලාඉකාවරුන් වන සුර දූතයන් මත, අවසාන දිනය මත සහ හොඳ හා නරක යන සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතයට එකඟවයි යන පදනම මත අපගේ ඊමානය ගොඩනැගී ඇත. තවදුරටත් කියවන්න සැබෑ විශ්වාසයේ පදනම “අහස්හි හා මිහිතලයෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය. එබැවින් නුඹ ඔහුට නැමදුම් කරවු. ඔහුට නැමදුම් කිරීමෙහි ඉවසීමෙන් සිටිවු.” යන කුර්ආන් වාක්‍යයට අනුව අපගේ ජීවිතය හැඩගස්වා ගත යුතුය. අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. ඔහු සදා ජීවමානය, සදා පැවැත්මක් ඇත්තාය. මඳ නින්ද හෝ තද නින්ද ඔහු ව ග්‍රහණය නොකරන්නේය. අපගේ ඊමානය යථාර්ථයක් වීමට නම් මෙම සත්‍යය තරයේ පිළිගත යුතුය. ...