Wednesday 17 February 2021

තශාහුද් අත්තහියාත් සිංහල භාෂාවෙන්!! ( With Sinhala Translitration!!)


අත්තහියියාත් අවස්ථා දෙකක දී පාරායනා කරනු ලැබේ. රකාඅත් තුනකින් හෝ හතරකින් යුක්ත සලාතයන්වල දෙවන රකාඅතයේ දෙවන සුජූදයට පසු පළමු අත්තහියාත් වේ. “අත්තහියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලෛක අයියුහන්නබීයු වරහ්මතුල්ලාහි වබරකාතුහූ. අස්සලාමු අලෛනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහූ”(සහීහුල් බුහාරී – 1202, සහීහ් මුස්ලිම් 672) අවසාන රකාඅතයේ දෙවන සුජූදයට පසු ,අත්තහියාත් පාරායනය කිරීමෙන් පසු නබි (සල්) තුමාණන් කෙරෙහි සලවාත් කිව යුතුය. අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෛත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම්මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්.”(සහීහුල් බුහාරී 3370)

Friday 3 April 2020

ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පිත උපවාසයන් ඉටු කිරීම

ෂඃබාන් මස ඉස්ලාමීය දින දර්ශනයේ 8 වැනි මාසයයි. චන්ද්‍ර මාස අනූව 8 වැනි මාසය වන ෂඃබාන් රමළාන් මාසයට පෙරවූ මාසයයි.

ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පිත උපවාසයන් ඉටු කිරීම
නබි (ﷺ) තුමන්ගේ උතුම් වූ ආදර්ශ අතුරින් විය:
ආයිෂා (රලි) තුමිය මෙසේ විස්තර කරයි: “නබි (ﷺ) තුමන් උපවාසයෙන් තොර සිටියේ නැත යනු පවසන තරමට අඛණ්ඩව උපවාසයෙන් පසුවූහ. උපවාසය ඉටු නොකළා යනු පවසන තරමට උපවාසයෙන් තොරව ද සිටියේය.  රමලාන් මස හැර නබි (ﷺ) තුමන් පුරා (මසක්) උපවාසයෙහි යෙදුනු තවත් මාසයක් නොවීය. නබි (ﷺ) තුමන් අධිකව උපවාසයෙහි යෙදුනු මාසය ෂඃබාන් මාසයයි” (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අලෙයිහි).u

“නබි (ﷺ) තුමන් උපවාසයෙහි නිරතවීමට ප‍්‍රිය කළ මාසයන් ෂඃබාන් හා ඉන් පසු උදාවන රමලාන් මස වේ” යනුවෙන් ආයිෂා (රලි) තුමිය විස්තර කරයි. (මූලාශ්‍රයන්: අබූදාවුද්, නසායි, අහ්මද්).

නබි (ﷺ) තුමන් රමලාන් හැර අධිකව උපවාසයෙහි යෙදුනු මාසයක් පවතී නම් එය ෂඃබාන් මාසයයි. එබැවින් කාන්තා පිරිමි බේදයකින් තොර සෑම මුස්ලිමෙකුම ෂඃබාන් මස මෙම යාඥාව කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. පහත සඳහන් ප්‍රකාශය එහි සුවිශේෂත්වය පිළිබඳ මොනවට තහවුරු කරයි:

උසාමතිබ්නු සෙයිද් (රලි) විස්තර කරයි: “මා නබි (ﷺ) තුමන්ගෙන් ෂඃබාන් මස මෙන් ඔබ උපවාසයෙහි නිරත වූ වෙනත් මාසයක් නොදුටුවෙමි යනුවෙන් ප්‍රශ්න කළෙමි. එයට එතුමන් රජබ් හා රමලාන් අතර මාසයක් පවති, එම මාසය සම්බන්ධව ජනයා අතර පවතින්නේ නොසැළකිලිමත් බවකි, නමුත් එය සර්ව බලධාරි අල්ලාහ් වෙතට යාඥාවන් ඉදිරිපත් කරනු ලබන (වැදගත්) මාසයකි, මාගේ යාඥාවන් අල්ලාහ් වෙතට ඉදිරිපත් කරනු ලබන විට මා උපවාසයෙන් පසුවීම ප්‍රිය කරමි” යනුවෙන් නබි (ﷺ) තුමන් පිළිතුරු දුන්හ. (මූලාශ්‍රයන්: අහ්මද්, නසායි).

අල්ලාහ් අභියසට යාඥාවන් ඉදිරිපත් කරනු ලබන මාසය යනුවෙන් නබි (ﷺ) තුමන් ෂඃබාන් මස සඳහන් කළහ, මා උපවාසයෙහි පසුවන තත්ත්වයක මාගේ යාඥාවන් අල්ලාහ් වෙතට ඉදිරිපත් කරනු ලැබීම මා ප‍්‍රිය කරමි. යනුවෙන්ද එතුමන් පැවසූහ. අපි කොයි කවුරුත් මෙම කරුණ සැළකිල්ලට ගෙන ක්‍රියා කළ යුතුයි.

Article by Abu Asma
Yayuthu maga